Saturday, July 27, 2024
Follow Us
විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡාවක්

විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල මණ්ඩලයේ අය ක්‍රමය සකස් කරන අංශය සමඟ ඊයේ (04) පැවැත්විණ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෑම වසරකම කාර්තුවකට වරක්, වියදම් නිරූපණය වන පරිදි විදුලි අය ක්‍රමවේදය සංශෝධනය කිරීමට පසුගිය වසරේ දී රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එලැඹිණ.

ඒ අනුව ජූලි මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අයක්‍රමය සම්බන්ධ යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත මෙම සතියේ දී ඉදිරිපත් කෙරේ.