Wednesday, May 15, 2024
Follow Us
ජනපති කාර්යාලයේ නම යොදා ගෙන සල්ලි හොයන ජාවාරමක්

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙවැනි වංචනිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී. එවැනි පුද්ගලයින් පිළිබඳ සැකයක් ඇතිවූ වහාම 71 530 8032 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් මහතා සම්බන්ධ කරගනිමින් අදාළ පුද්ගලයන්ගේ  අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය  වැඩිදුරටත් දැනුම් දෙයි.