Saturday, May 11, 2024
Follow Us
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැටලු ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

2016 වර්ෂයේ සිට මේ දක්වා  විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැටලුව විසඳීමට සාර්ථක ක‍්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලුවක් නිර්මාණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2022 ජූනි මස සිට මේ දක්වා මෙම ගැටලුවට අදාළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ශ්‍රේණි 12ක් සඳහා මෙම ගැටලුව විසඳීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක්, ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවකින් පසු 2024.04.01 දින ඉදිරිපත් කර ඇත.

තවද විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ගෙවනු ලබන මාසික හිලව් දීමනාව අධ්‍යයන කාර්ය මණ්ඩල දීමනාව සමඟ ප‍්‍රතිශතාත්මකව ගලපා ලැබිය යුතු දීමනාව 2024.01.01 දින සිට අනධ්‍යයන කාර්ය මණඩලයට ලබා දීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද 2024.04.10 දිනැතිව ඉදිරිපත් කර ඇත.


මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙක 2024.05.08 දින අමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි