Thursday, May 02, 2024
Follow Us
පරිසරය විනාශ කිරීම් සම්බන්ධ තොරතුරු දැනුම් දීමට දූරකතන අංකයක් 

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදු කිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරතුරු ඉතා වැදගත් වන බැවින් පාරිසරික හානි සම්බන්ධයෙන් පොලිස් විශේෂ  කාර්යාංශයේ 1997 දරන  හදිසි ඇමතුම් අංකයට හා  මධ්‍යම පරිසර අධිකාරියේ 1981 හදිසි ඇමතුම් අංකය වෙත තොරතුරු ලබා දෙන මෙන් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන කැණීම්,  ගං ඉවුරු ආශ්‍රිතව  සිදු කරන නීති විරෝධී කැණීම් , කර්මාන්තශාලා මගින් අනීතිකව සිදු කරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දූෂණය මගින් වන සතුන්ට සහ පරිසරයට සිදු කරන බලපෑම් ආදි නොයෙකුත් පාරිසරික හානි සම්බන්ධයෙන් දැනටමත් මෙම අංකවලට මහජනතාවගෙන් තොරතුරු ලැබෙමින්  පවතින අතර  මේ සම්බන්ධයෙන් නිසි වැටලීම් සිදු කිරීම සඳහා ඉදිරියටත් මහජනතාවගේ සහාය අපේක්ෂා කරන බව ද එම මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.