Monday, April 29, 2024
Follow Us
දේශීය ආයුර්වේද වෛද්‍ය හා නිෂ්පාදන ප්‍රවර්ධනයට රන් සම්මාන උළෙලක්

දේශීය ආයුර්වේද වෛද්‍ය හා නිෂ්පාදන හා සේවා තුළින් දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොල ජය ගනු ලැබූ  ශ්‍රී ලාංකීය ව්‍යවසායකයින් දිරි ගැන්වීම හා ඔවුන්ගේ නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව මෙය පැවැත්වෙන අතර ඒ පිළිබඳව එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සහ මාධ්‍ය දැන්වත් කිරීමේ විශේෂ හමුවක් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයයේදී පසුගියදා (26) දින පවැත්විය.

පූර්ණ ස්වාධීන අධීක්ෂණ මණ්ඩලයක් යටතේ පත් කරනු ලැබූ තීරක මණ්ඩලයක් මඟින් මේ සඳහා සුදුසුකම් ලත් නිෂ්පාදන හා සේවා උදෙසා මෙම රන් සම්මාන ප්‍රදානය කිරීම සිදු කරනු ලබන අතර එය මාර්තු මස 05වන දින නෙළුම්පොකුණ ජාතික කලා රඟහලෙහිදී පැවැත්වීමට කටයුතු කරන බව අදහස් දක්වමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේය.