Thursday, May 16, 2024
Follow Us
රට වෙනුවෙන් සියලු දෙනා අධිෂ්ඨානශීව එක් වෙමු - ජනපති

මෙම වසරේ තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ, රට වෙනුවෙන් වූ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.

එම පණ්වුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"තෛපොංගල් උත්සවය සශ්‍රීකත්වය මෙන්ම නව ආරම්භයක් පිළිබඳව ද සුභවාදී අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි. තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් කෘෂිකර්මාන්තයට පැවරී ඇති වැදගත් කාර්යභාරය ද අවධාරණය කරයි. එබැවින්, මෙම වසරේ තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ, රට වෙනුවෙන් වූ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ"