Wednesday, February 11, 2026
Follow Us
දිස්ත්‍රික්ක කිහිපයකට අදාළ සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගාල්ල, මාතර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ අද (13) සහ හෙට (14) දෙදින ගාල්ල සහ මඩකලපුව හෙද විදුහල්වල පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  චාමික එච්.ගමගේ මහතා සඳහන් කරයි. ‍

මීට අදාළ සියලුම විස්තර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පළකර ඇති හෙයින් එය පරිශීලනය කර අවශ්‍ය තොරතුරු ලබා ගන්නා මෙන් ද ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටි.