Thursday, May 16, 2024
Follow Us
වෛද්‍යවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමටත්,  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.