Thursday, November 28, 2024
Follow Us
වර්ජනය මැද තැපෑල ඩිජිටල්කරණය වෙයි

තැපැල් සේවය සඳහා විකල්ප ක්‍රමවේදයක් භාවිත කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය තමාට උපදෙස් ලබා දී ඇති බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද (12) ඔහු මේ බව සඳහන් කළ අතර  විශ්‍රාම වැටුප්, ආබාධිත දීමනා ඇතුළු දීමනා නිවසට ම ලබා ගැනීමට හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද කැබිනට් මණ්ඩලය දැනුම් දුන් බව සඳහන් කළේය. 

තැපැල් වෘත්ති සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (11) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී ද සාකච්ඡාවට ලක් වී තිබෙන අතර එහිදී මෙම උපදෙස් ලැබුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම දඩමුදල් ගෙවීම සම්බන්ධයෙන් ද නව ක්‍රමවේදයක් සකස් කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.