Thursday, November 28, 2024
Follow Us
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දුම්රිය ස්ථානයට සීමා කෙරේ

වර්තමානයේ පවතින අධික වර්ෂාපතනය නිසා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කදු කඩාවැටීම සහ දුම්රිය මාර්ගයට ගල් පෙරලී තිබීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව 2023.11.23 දින පෙරවරුවේ සිට නැවත දැනුම් දෙනතුරු  කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කර බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය නානුඔය දක්වා පමණක් ධාවනය කිරීමටත්, කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිත දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමත් සිදුකරනු ඇත.

තව ද කොළඹ කොටුවෙන් 09.45 ට පිටත්වීමට නියමිත අංක 1007 දුම්රිය සහ අංක 1041 (අල්ල ඔඩිසි) දුම්රිය  2023.11.23 දින ධාවනය නොකරන බවත් දන්වා සිටිමි.

මේ වනවිට කොළඹ කොටුව සහ නානුඔය අතර ධාවනය සදහා සැලසුම්කර ඇති දුම්රිය කාලසටහන පහත දක්වා ඇති අතර, පවතින කාලගුණ සහ මාර්ග අලුත්වැඩියා කිරීම අනුව ඉදිරියේදී දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුම් දීමට කටයුතු කරන බවත් තවදුරටත් දන්වා සිටිමි.

කොළඹ කොටුව- නානුඔය

අංක 1005 (පොඩි මැණිකේ) -    කොළඹ කොටුව පිටත්වීම    පෙ.ව.05.55

අංක 1015 (උඩරට මැණිකේ) -   කොළඹ කොටුව පිටත්වීම    පෙ.ව.09.45 

නානුඔය - කොළඹ කොටුව

අංක 1016 (උඩරට මැණිකේ) -  නානුඔය පිටත්වීම    පෙ.ව.09.15

අංක 1006 (පොඩි මැණිකේ) -   නානුඔය පිටත්වීම    පෙ.ව.12.00

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන)