Thursday, July 16, 2026
Follow Us
දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් දමිළ පාසල්වලට දිනක නිවාඩුවක්

2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවත්, මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.