Wednesday, February 11, 2026
Follow Us
අනුරාධපුර රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම දෙදිනකට නවතී

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ පමණක් සිදු කරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම මස 16, 17 දෙදින අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා තිබේ.

 

එදින සේවාවන් ලබා ගැනීමට වේලාවන් වෙන් කරගත් සේවාලාභීන්ට ඔවුන් කැමති දිනයක සේවාවන් ලබා ගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.