Wednesday, August 20, 2025
Follow Us
නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීමේ තීරණයක්

අදාළ වාණිජ මහාධිකරණය කොළඹ 12, අධිකරණ මාවතේ අංක 80 දරන ස්ථානයෙහි ස්ථාපිත කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී රට තුළ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන තිබේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් විසඳා අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වාණිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාව ගෙන ඇත.