ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය අප්‍රේල් 11වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2023 අප්‍රේල් 11 වන දින, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, මාස 06 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා තාවකාලික මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් ලෙස ශ්‍රී ලංකා රග්බි සඳහා ස්ථාවර කමිටුවක් පත් කරන බව නිවේදනය කළේය.