Wednesday, August 20, 2025
Follow Us
බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් පද්ධති පරිපාලකත්වය දරනු ලබන වාහන වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් 2023.09.27 සිට 2023.10.26 දක්වා ආදායම් නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

2023.09.26 සිට කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර 2023.10.10 දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය (online) යටතේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම 2023.09.24 මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දක්වා තාවකාලිකව අත්හිටුවන බව බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කේ. චම්පා එන්. පෙරේරා මහත්මිය දන්වා ඇත.