පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යටතේ ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදු කර නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.
2023 - 2026 සහ 2026 - 2030 වර්ෂ සදහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳ සමාලෝචන රැස්වීමක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවති අතර එහිදී මෙම උපදෙස් ලබා දී ඇත.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර ලබා දී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බලපත්‍ර අහෝසි කිරීමට මෙම උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිමකරන සැලසුම, නව විදුලිය මිල දී ගැනීමේ මිල සුත්‍රය, ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබා දී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව මෙහි දී සාකච්ඡා කර ඇත.