ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
මෙරට පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන් ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් එමගින් අවකාශ සැලසෙන බව අමාත්‍යවරයා මෙහිදී පැවසී ය. ඒ ඔස්සේ වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කරමින් වත්මන් ලෝකය ගමන් කරන හතර වෙනි කාර්මික විප්ලවය හඹා යාමට, ඊට බොහෝ පිටුපසින් සිටින අප රටට ද අවකාශ විවර වනු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී විශ්වාසය පළ කළේ ය.