Friday, May 09, 2025
Follow Us
සිනමා හා රූපවාහිනී කර්මාන්තයට ස්වාධීන නියාමන ආයතනයක්

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

සිනමා සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධියට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මඟ පෙන්වීමට හැකි වන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට නියමිතය.

දේශීය සිනමාවේ අභිවෘද්ධිය සඳහා 1971 අංක 47 දරණ රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර 1981 වර්ෂයේ දී එය ජාතික චිත්‍රපටි සංස්ථාව ලෙස නම් කෙරිණි.