Friday, May 09, 2025
Follow Us
ඖෂධ මිල 16%කින් අඩු වෙයි

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල ලබන 15 සිට 16%කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ් අනුව සෑම මාස තුනකට වරක්ම ඖෂධ මිල සමාලෝචනය සිදු කරනු ඇත.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඖෂධවල මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කාරණා සඳහා නියාමක ලෙස කටයුතු කරනු ලබයි. ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින්, ඖෂධවල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදී 97%ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත. රජය විසින් අනුගමනය කරනු ලබන වත්මන් ආර්ථික ස්ථායීකරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමින් අඩු වී තිබේ.