Saturday, April 27, 2024
Follow Us
පිරිවුම්හල්වල ප්‍රමාණවත් ඉන්ධන නොතිබීමට හේතුව

දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන අතර ඉරිදා වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග සියලුම ඉන්ධන පිරවුම්හල්වල පවතිනු ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

පසුගිය සතියේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ඇණවුම් කරන ලද සහ පවත්වාගෙන ගිය තොග පිළිබඳ දත්ත සමාලෝචනය කරමින් සිටින බව පෙන්වා දෙන් අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි 27 සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇණවුමක් ලබා දී නොමැති අතර තවත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව මූලික වාර්තා හඳුනාගෙන තිබෙන බව ද පෙන්වා දෙයි .

ඉන්ධන පිරවුම්හල් 50% ක අවම තොගයක් පවත්වා ගැනීමට අවශ්‍ය වේ. කොන්ත්‍රාත්තුවේ කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කිරීමෙන් පසු අවසන් කරනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මැයි 22 වනදා සිට සමහර අලෙවි නියෝජිතයින් විසින් ඇණවුම් ලබා නොදුන් ඉන්ධන පිරවුම්හල් තිබෙන බව ඒ් මහතා පෙන්වා දෙයි.