Friday, May 09, 2025
Follow Us
මෙවර සති අන්තයේත් ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව

සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් බහාලුම් පර්යන්ත සමාගම වෙත උපදෙස් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

අතිකාල වියදම් අඩු කිරීම සඳහා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් බහාලුම් පර්යන්ත සමාගම පසුගිය මාස 4 තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බව ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙයි.
මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් ලබා නොදීම, අවම තොග පවත්වා නොගැනීම, මිල සංශෝධන සහ කෝටා වැඩිකිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම සහ ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.