2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වෙයි. අද සිට ජූනි 8 වන දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී මෙම විභාග පැවැත්වේ.
විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විභාග කොමසාරිස්වරයා ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටියේ විභාග ශාලාවට රැගෙන යාම තහනම් වන කිසිවක් එහි රැගෙන නොයන ලෙසයි.
සාමාණ්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ එළැඹෙන පොසොන් පොහය ද යෙදී ඇති බැවින් ඒ් ආසන්න දිනවල අනුරාධපුරය සහ මිහින්තලය යන ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය හැකි තදබදය අවම කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.