ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබා දෙනු ඇත.
එමෙන්ම යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.
මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබා දෙනු ඇත.
වෑන් රථ සඳහා කෝටාව ලීටර 40 දක්වා ඉහළ දමා ඇති අතර ලොරි රථ සඳහා ලීටර 125ක් දක්වා ඉහළ දමා තිබේ.
ඉන්ධන කෝටාවට අදාළ විස්තරය පහත සඳහන් පරිදි වේ.