Tuesday, August 26, 2025
Follow Us
ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල් බෙදාදීම ඇරඹේ

මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම ඊයේ(23) පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong) යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ලංකාව පුරා ධීවර ජනතාවගේ බෝට්ටු 27,000ක් සඳහා ඉන්ධන ලීටර් 150 බැගින් බෙදාදීම ඊයේ සිට දිවයින පුරා ඉන්ධන හල් 128 මගින් නොමිලේ බෙදා දීම ආරම්භ කර තිබේ.

ජනතාවට නොමිලේ බෙදාදීම සඳහා ඩීසල් තොගයක් ලැබුණු බවත් ධීවර ජනතාව වෙත ලැබුණ ඩීසල් තොගය භූමිතෙල් වලට මාරුකර සුලු පන්න ධිවරයන් සඳහා මේ ආකාරයෙන් චීන තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බෙදා හැරීමට හැකිවීම සතුටට කරුණක් බව අමාත්‍ ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.