Saturday, July 27, 2024
Follow Us
සා/පෙළ උපකාරක පන්ති අනිද්දා මධ්‍යම රාත්‍රී සිට තහනම්

ලබන 29 ආරම්භ වීමට නියමිත 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට(23) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම විභාගය ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3568කදී පැවැත් වේ.

අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම්ය.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පොලිස් මූලස්ථානය 011 2421111
පොලිස් හදිසි ඇමතුම් අංකය 119
විභාග දෙපාර්තතෙම්න්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112784208 / 011 2784537