Friday, March 29, 2024
Follow Us
උමා ඔය ව්‍යාපෘතයෙන් විදුලිබලය සැප්තැම්බර් මස ජාතික පද්ධතියට

ෆරාබ් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යාපෘති කළමනාකරු සහ ෆරාබ් සමාගමෙහි නියෝජිතයින් ඊයේ (18) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර මහතා හමු විය.

උමා ඔය බහුකාර්ය වාරිමාර්ග පහසුකමෙහි ඉදිකිරීම් සමාගම වන ෆරාබ් ප්‍රකාශ කළේ උමා ඔය ජල විදුලි බලාගාරයේ 1 වන ඒකකය 2023 අගෝස්තු මස සිට විදුලිබල මණ්ඩලයට සැපයිය හැකි අතර 2023 සැප්තැම්බර් වන විට ඒකකය 2 හි විදුලිය උත්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

සම්පූර්ණයෙන් මෙගාවොට් 120ක ජල විදුලියක් අවසානයේ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ, වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ ෆරාබ් සමාගමෙහි නිලධාරීහු සහභාගී වූහ.