Sunday, May 11, 2025
Follow Us
සා/පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2023 වර්ෂයේ මැයි මස පැවැත්වීමට නියමිත අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටින මෙතෙක් තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති ඉල්ලුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා

නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් තමා ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පති මගින් හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී මගින් සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කඩිනමින් යොමු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා‌ සිටී.

ඉල්ලුම්පත් යොමු කර ඇති නමුත් මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලැබී නොමැති අයදුම්කරුවන් සිටී නම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක 011 5226100, 011 5226126 මගින් විමසීම් කළ හැක.