Friday, March 29, 2024
Follow Us
රාජ්‍ය ආයතන සඳහා චක්‍ර ලේඛයක් නිකුත් වෙයි

සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල ජලය විදුලිය ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කැඳවීම සඳහා චක්‍ර ලේඛයක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

2022 වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06ක පාරිභෝජනයන් ඇතුළත් වන පරිදි මෙම වසරේ ජුනි 30ට පෙර මාසික වැය වී ඇති ඒකක දත්ත වාර්තාවක් ලබාදෙන ලෙස  එමගින් දන්වා ඇත.

ජාතික බලශක්ති විභවයන්, ක්‍රම උපායන් සහ මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම දත්ත ලබාගැනීම සිදුකරනු ලබයි.
මීට අමතරව මේ වසරේ ඉදිරි මාස 06 සඳහා බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් කාර්යයන් පිළිබඳව තොරතුරු ද ලබාදෙන ලෙස ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා තිබේ.

curcular