Sunday, May 11, 2025
Follow Us
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකියන්ට ලබාදුන් සහනයක්


එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අනුමැතිය හිමි වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කීවේය. මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයන්ට හිමි වූ බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.