Wednesday, November 06, 2024
Follow Us
රජයේ වී මිලදී ගැනීමේ දෙවන අදියර යාපනයේ දී

 

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බවත්, ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට රජය සැලසුම් කර තිබෙන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (28) පෙරවරුවේ යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අඩු ආදායම්ලාභී ජනතාවට නොමිළේ සහල් බෙදාදීමේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
2022/2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වූ අතර යාපනය තෙලිප්පලෛයි සහ වෙලනෙයි ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.