Tuesday, August 26, 2025
Follow Us
විදුලිබල ඇමැති හා ඔස්ට්‍රේලියාවේ, United Petroleum සමාගම අතර හමුවක්

ඔස්ට්‍රේලියාවේ, United Petroleum සමාගමේ නිලධාරීන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් අද (28) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්විණ.

එහි දී මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, රජයේ ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එම සමාගමේ නිළධාරීන් විසින් එළඹෙන සතියේ දී මෙරට ව්‍යාපාර ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුවත් කරන බව මෙහි දී පවසා තිබේ.


මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද මීට එක්ව සිටියහ.