Wednesday, November 06, 2024
Follow Us
නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසිමට තීරණය කරයි

ඉදිරි වසර 25 සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් යුතු සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දැක් වූ සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, අද ලෝකයට ගැළපෙන දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරන, දේශීය ආර්ථිකයට ගැළපෙන දරු පරපුරක් බිහි කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. රටේ ආර්ථක ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධානතම අංශයක් වශයෙන් රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුන්වා දී තිබෙන බවත් ඒ අනුව අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.