Thursday, November 07, 2024
Follow Us
වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙළ කඩිනමින්

ඩොලර් මිලියන 100ක ඉන්දියානු ණය ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන රජයේ පොදු ගොඩනැගිලි සහ ආගමික සිද්ධස්ථානවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රගති සමාලෝචන හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) අමාත්‍යංශ නිලධාරීන් සහ සවි කිරීම් ක්‍රියාත්මක කරන සමාගමේ නිලධාරීන් සමඟ පැවැත්විණි.


මේ වන විට හඳුනාගත් රජයේ ගොඩනැගිලි යටතේ ජාතික පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, ගුරු විදුහල්, හමුදා ගොඩනැගිලි, පොලිස් ස්ථාන, සියලු ආගම් නියෝජනය කරන අදායම් නොමැති ආගමික සිද්ධස්ථාන සහ වෙනත් රජයේ ගොඩනැගිලි වලින් 90% මැනුම් කටයුතු අවසන් කර ඇති අතර සියලුම මැනුම් කටයුතු අප්‍රේල් මස 15වන විට අවසන් කිරීමට නියමිතයි.
මෙම ටෙන්ඩර් ක්‍රමය ඉන්දියානු එක්සිම් බැංකුව මගින් සිදු කරන අතර ඉදිකිරීම් සමාගම සහ සුර්ය පැනල මිලදී ගැනීම ඔවුන් විසින් ප්‍රසම්පාදනය සිදු කරයි.
රජයේ රෝහල් සහ පළාත් පාසැල් මෙම වැඩපිළවෙළට මූලිකව ඇතුලත්ව තිබුණත් මෙවැනි ව්‍යාපෘති දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සභා මගින් සිදු කරන අතර එමගින් එම ගොඩනැගිලි ඇතුළත් වේ.