Tuesday, August 26, 2025
Follow Us
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සමාජිකයින් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් නම් කර ඇති අතර එහි සභාපති වශයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සනත් ජයන්ත එදිරිවීර මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත මෙම පත්වීම් සිදුකර ඇත.

ඒ් අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ එම්. සිත්ති මරීනා මොහොමඩ්, නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාතන් සෙල්වක්කුමාරන්, මාණික්ක බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජපිල්ලෙයි සහ පල්ලේගම චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්ම මහත්මීන්‍ ය.