විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ලෝක බැංකුව මගින් ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශකවරුන් සහවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් අද (03) පැවැත්විණි.
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළේ නීති කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය සහ විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
.