වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (22) කැඳවා තිබූ අවස්ථාවේදී ඒ බව අනාවරණය කෙරුණි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක්, කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු කථිකාචාර්යවරුන් පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනුකර තිබේ.
ඒවා අද කැඳවූ අවස්ථාවේදී රජයේ විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත.
ARUNA