Thursday, November 07, 2024
Follow Us
නොරොච්චෝලේ බිඳවැටීමෙන් විදුලි කප්පාදුවක්  නැහැ - විදුලිබල ඇමැති

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ 3 වන ඒකකය අප්‍රේල් මාසයේ දී විශාල අලුත්වැඩියා නඩත්තු කිරීමකට නියමිතව තිබූ බවයි.
අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංකා විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ ඉන්ධන තෙල් බලාගාර භාවිතා කරනු ඇතැයි ද එහි දක්වා ඇත.