Thursday, November 07, 2024
Follow Us
ජුනි වනවිට බස් ගාස්තුවේ වෙනසක්

ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර උද්ඝෝෂණ හේතුවෙන් බස් රථවලට මිලිනය 500කට වඩා මුදලක් අහිමි වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාටත්, මානව හිමිකම් කොමිසමටත් යළි සිහිකැඳවීමක් කරන බවත් පොලීසියට හා මානව හිමිකම් කොමිසමට විරුද්ධව අධිකරණයට යන බවත් ගැමුණු විජේරත්න සඳහන් කළේය. මෙම පාඩුව වැඩි වශයෙන්ම බස්නාහිර පළාතේ බස්වලට බලපා ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.