අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගය ඊයේ (03/04) දින සිට තාවකාලිකව වසා දැමීමට පොලීසිය විසින් පියවර ගන්නා ලදි.
එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා මාර්ගයේ එම කොටස සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ අතර අදාළ ප්‍රදේශය පරීක්ෂා කර කඩා වැටී ඇති පස් සහ ගල් ඉවත් කර මාර්ගය කඩිනමින් ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදි.
ඒ අනුව අද (03/05) උදෑසන සිට මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මාර්ගයේ එක් මං තීරුවක් ගමනාගමනය වෙනුවෙන් යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.
මාර්ගයේ අවහිරව ඇති අනෙකුත් කොටසද කඩිනමින් පිළිසකර කර සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු කිරීමට හැකිවන පරිදි විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙවැනි විටත් කටයුතු කරමින් සිටී.