Thursday, November 07, 2024
Follow Us
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලේ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සමග පසුගියදා පැවැත්විණි.

මෙහිදී නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරපත් කිරීමට පෙර සිදු කළ හැකි ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවදානය යොමු කළ අතර ඉන් පළමු කොටස ලෙස විදුලිය බෙදාහැරීමට අදාළව වෙන් කර ඇති කලාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සිදු කිරීමට අදාළ අවශ්‍යතා සම්පුර්ණ කිරීම සිදු කෙරෙනු ඇත. එමෙන්ම ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍යවන මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට තීරණය කර තිබේ.

තාක්ෂණය වැඩි වශයෙන් මෙම වැඩපිළිවෙළට යොදා ගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලන අධිකාරිය ව්සින්ද අමාත්‍යවරයා ට පෙන්වා දෙන ලදී.