Wednesday, August 27, 2025
Follow Us
ලංකා වාණිජ මණ්ඩලය සහ විදුලිබල ඇමැති අතර සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (28) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග පැවැත්විණි.

මෙහිදී විදුලි ගාස්තු සහ අනාගත සැලසුම්, ලංවිම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවැය අඩු කිරීමට ගෙන ඇති පියවර, පුනර්ජනනීය බලශක්තිය සඳහා වන සැලසුම් සහ ඉදිරි ගමන පිළිබඳව ද  සාකච්ඡාවට ලක් වී ඇත.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.