සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් එය නිකුත් කර ඇත.
අදාළ ආයතනවලින් සපයනු ලබන සේවාවන් සමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින් එම සේවා අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.