Thursday, November 07, 2024
Follow Us
විදුලි බිලට අඩු ආදායම්ලාභීන්ට සහන

අඩු ආදායම්ලාභීන් විදුලිබිලට සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.