දිවයින පුරා මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති 7000ක පමණ වැඩ අතරමඟ නතරව ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (14) ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
"මධ්‍යම අධිවේගී මාර්ගය චීනයේ එක්සිම් බැංකුවෙන් ණය නොලැබීම නිසා නතර වෙලා තිබෙනවා. කඩවත සිට මීරිගමට කිලෝමීටර 40ක් කලින් බිලියන 158කට නිම කරන්න සකස් කළ මාර්ගය මඟ නතර වෙලා තිබෙනවා. භාණ්ඩ මිල ඉහළ යෑම නිසා කඩවත සිට මීරිගම දක්වා කොටසට තිබූ දැන් ඇස්තමේන්තුව 265ට වැඩි වෙලා තිබෙනවා. හංගේරියානු රජය ගුවන් පාලම් දෙකකට මුදල් ලබාදෙන එකඟතාව පළ කරලා ගැටඹේ සහ කොහුවල දෙකක් ආරම්භ කළා. නුගේගොඩ ආශ්‍රිතව ජනතාවට අවහිරතාවක් ඇති වෙනවා. කණු සිටුවලා. නමුත් පාලම් හදලා ඉවර කරන්න හංගේරියානු රජය මුදල් ප්‍රතිව්‍යුහගත කරන තෙක් මුදල් දෙන්නේ නැහැ. ආසියානු සංවර්ධන බැංකුවේ ණය යෝජනා ක්‍රමය යටතේ හයිරෝඩ් පළමුවැනි ව්‍යාපෘතිය 2014 සිට 2024ට අවුරුදු 10යි. අමෙරිකානු ඩොලර් මිලියන 800ක් ලැබෙන ව්‍යාපෘතියක්, ග්‍රාමීය පාරවල් 3055ක් හා නාගරික පාරවල් 400යි. ඔක්කෝම පාරවල් 3455කට මේ ව්‍යාපෘතිය තිබුණේ. කොටස් හදා ඉදිරි කරගන්න විදියක් නැතුව ඉන්නවා. හයිරෝඩ් 2 ව්‍යාපෘතිය 2017 අස්සන් කරලා 2027 තමයි අවසන් වෙන්න තිබෙන්නේ. අමෙරිකානු ඩොලර් මිලියන 900යි. ග්‍රාමීය පාරවල් 3055යි. නාගරික පාරවල් 340යි. 3395යි එම ව්‍යාපෘතියේ පාරවල්. සම්පූර්ණයෙන්ම නතර වෙලා. මේ වන විට රට පුරා පාරවල් 7000ක පමණ වැඩ අතර මඟ නතර වී තිබෙනවා. සල්ලි දියව්, අපි බලාගන්නම් යැයි කියමින් චණ්ඩින් සේ හැසිරීමට අපට නොහැකියි."