Thursday, November 07, 2024
Follow Us
විදුලිබිල ගැන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි 

විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ (13) පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට අද (14) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය. 

පෙර එකඟ වූ පරිදි හෙට (15) තීරණයක් අපේක්ෂා කරන බව කථානායකවරයා පවසයි.

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙම පාර්ශ්ව දෙකට මුණගැසී සාකච්ඡාකොට අවසන් තීරණයක් ගන්නා ලෙස ජාතික සභාව ඊයේ (13) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී දැනුම් දුන්නේය. මේ අනුව ඊයේ පස්වරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත් මෙහිදී පැමිණ සිටි නිලධාරීන් ජාතික සභාවට දැනුම්දීම සිදු කළේය. 

මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ, අද දින කොම්ෂන් සභාව රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.