අද (13) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් භාර ගන්නා ලද අයදුම්පත්ර සඳහා බලත්ර නිකුත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර සිටි.
ඒ් අනුව හෙට (14) ගමන් බලපත්ර ලබාගැනීමට වේලාවක් වෙන කර ගන්නා ලද සිලුම දෙනට හෙට දින සේවා ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස ඉල්ලා සිටි.
හෙට දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් අනිද්දා ( 15) වෙන් කර ගත් වේලාවටත්, අනිද්දා වෙන් කර ගත් අය සිකුරාදා දින වේලාවටත්, සිකුරාදා වෙන් කර ගත් අය සෙනසුරාදා වේලාවටත් සේවා ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා සිටි.
අද (13) භාර ගත් සියලු දෙනාට ගමන් බලපත්ර හෙට (14) පස්වරු 12න් පසු දෙපාර්තමේන්තුවේ නිකුත් කිරීමේ කවුළු මඟින් නිකුත් කරනු ලැබේ. පැමිණීමට නොහැකි අය සඳහා කුරියර් සේවාවක් මඟින් කඩිනමින් ගමන් බලපත් නිවසටම ලබාදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.