ආරම්භ කළ තිබූ දුම්රිය වර්ජනය මේ වනවිට අවසන් කර ඇති බව දුම්රිය රියදුරු සංගමය පවසයි.
අද (13) පෙරවරුවේ මෙම වර්ජනය ආරම්භ කළ අතර පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය සඳහන් කරයි.
මෙම වර්ජනය හේතුවෙන් අද උදේ දුම්රිය ධාවන වාර කිහිපයක් ම අවලංගු කිරීමට සිදු වූ බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.