විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනයන්හිදී ගෙවීමටත්, විධායක නිලධාරින්ගේ මාසික වැටුප් නියමිත දිනට දින කිහිපයකට පසුව ගෙවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් ජනනය වන ආදායම් රැස් කිරීම සඳහා යම් කාලසීමාවක් ගත වන බැවින්, රජයේ මුදල් ප්‍රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරි මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ.