භාණ්ඩාගාරය මේ වනවිට දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බවත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව 2023 අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන්කර ඇති වැය ශිර්ෂයෙන් 5%ක ප්‍රමාණයක් කපා හැරීමට පියවර ගෙන තිබෙන ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට 2023 අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේ.
ජනාවාරී මාසයේ වැටුප් ගෙවීමේ දුෂ්කරතා මත රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් එලෙසම සිදු වුවද සමෘද්ධි දීමට සතියකින් පමණ ප්‍රමාදයක් ඇති විය හැකි බවයි ඒ මහතා සඳහන් කළේය.
කවුරු ආණ්ඩු කළත් භාණ්ඩාගාරයට ලැබෙන මුදලින් සියලු දේ කළ යුතු වන බවත් 2023 වසරේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මූල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.