උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණි.
මෙම මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ සිදු කරන මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය IRCON සමාගම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම ආයෝජනයෙහි වටිනාකම ඇ. ඩොලර් මිලියන 91.27කි. මෙහි අනුරාධපුර සිට වව්නියාව දක්වා කි. මී.48ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර මීළඟ අදියර ලෙස වව්නියාව සිට ඕමන්ත දක්වා කි. මී.13ක කොටසක් ප්‍රතිසංස්කරණය කෙරේ.
ව්‍යාපෘති අවසන් කිරීමෙන් අනතුරුව පැයට කිලෝ මීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන අතර, කොළඹ සිට යාපනය කන්කසන්තුරේ දක්වා දැනට දුම්රිය මගින් ගමන් කිරීමට ගතවන කාලය පැයකින් අවම කරගත හැකිවේ. ඊට අමතරව නඩත්තුව අඩුවීම සහ අවම වීම, සුඛෝපභෝගී ධාවනයක් සිදු කළ හැකි වීම, සුවපහසු සුරක්ෂිත ආරක්ෂාකාරී ගමනාන්තයක් මගීන්ට ලබාගත හැකිවීම, බුඔය නමින් නව දුම්රිය ස්ථානයක් දුම්රිය පද්ධතියට එකතුවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිවේ.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද,රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.